විනීතා එම් ගමගේ
දේශපාලකයන් අතර කුඩු විකුණන්නන් මිනීමරුවන් පවා සිටිය හැකි බැවින් ඔවුන්ට වදින්න එපා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාසල් සිසු දරුවන් ගෙන් ඉල්ලා සිටියේය.
මව්පිය, ගුරුවරු හෝ ආගමික නායකයන්ට වැන්දත් දේශපාකයන් ඉදිරියේ දී අංශක 45 කට කොන්ද නමන්නට එපා යැයි ද ඔවුන්ට ආචාර කළාම ඇති යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
සම්මානයක් සහතිකයන් ගනිද්දී අතට අත දී ආචාර කිරීම ප‍්‍රමාණවත් බවත් වැදිය යුතුම නම් යන්තම් හිස නවා ආචාර කිරීම ප‍්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කළේය.
පාසල් දරුවන් දණගසා වදින සංස්කෘතිය නැවැත්විය යුතු යැයි කී සමරවීර මහතා කොන්ද කෙළින් තබාගෙන සිටින දරුවන් සහිත රටක් බිහිකළ යුතු යැයි ද කීය.
කුඩා කළ සිට මේ පුරුද්ද දරුවන්ට ඇති කරන්නැයි අමාත්‍යවරයා මව්පිය ගුරුවරයින්ගෙන් ද ඉල්ලා සිටියේය.
ලංකාව ඉන්දියන් සාගරයේ දියුණුම රට කරන්න සිතා සිටින්නේ නම් අපේ දරුවන් කෙලින් කථා කරන කෙළින් වැඩ කරන පිරිසක් කළයුතු යැයි ද අමාත්‍යවරයා කීය.
මංගල සමරවීර මහතා මේ අදහස් පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (28) පැවැති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් අමතා අදහස් දක්වමිනි.
ඡායාරූප - ගයාන් අමරසේකර