නිෂ්පාදන හා සේවා ආදිය සඳහා තත්ත්ව සම්මාන ලබා දෙන්නාක් මෙන් දේශපාලනඥයින්ගේ තත්ත්වය ද පරීක්‍ෂා කර බලා වාර්ෂිකව සම්මාන දීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රටේ ජනතාව නිෂ්පාදන හා සේවාවල තත්ත්වය මෙන්ම දේශපාලනඥයින්ගේ තත්ත්වය ගැනත් බලාපොරොත්තු වන බව කී ජනාධිපතිවරයා එවැනි සම්මාන දෙන වැඩපිළිවෙළක් ඇති කරන්නේ නම් එහි විනිශ්චය මණ්ඩලයට ලෙස පත්කළ යුත්තේ කම්කරු අමාත්‍යාංශ නියෝජිතයින්ගෙන් වැඩ කරන ජනතාවගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් බව ද සඳහන් කළේය.
රටේ සියලු තත්ත්වයන්හි සියලු ප්‍රමිතීන්හි මූලික වගකීම එන්නේ දේශපාලනඥයන්ගෙන් බැවින් එතැන තත්ත්වය බාල වුවහොත් එතනින් පහළට ඇති සියලු අංශ දුර්වල වන බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී අද පැවති ජාතික තත්ත්ව සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

