‘දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් ඉවතට‘


පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කොට තිඛෙන බෞද්දධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැටලූකාරී වගන්ති ඉවත් කිරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතෙහි දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමට සම්බන්ධ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කළ විශේෂ පෙත්සම් 9ක් අද (11) ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම් ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත්‍රසිරි යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලනු ලැබීය.

එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මතවිය යුතු බවට ප්‍රකාශ කරන ලෙෂ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා කියා සිටියේය.කරුණු සලකා බැලු අධිකරණය පෙත්සම් විභාගය වැඩිදුරටත් කල් තබන ලදී.

බදුල්ල රඹුක්පොත රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මදුගස්තලාවේ විමලබුද්ධි ,සිල්පොළ රාජමහා විහාරයේ භාරකරු සිසර තුමාර මැ‚ක්දිවෙල ,පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල ,එස්.ඒ අමරසිංහ ඇතුළු නමදෙනෙකු ගොනු කළ මෙම පෙත්සම් හි නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කොට ඇත.