‘දෙවරක් පණ බේරුනත් ගම රට එන්න බෑ‘


ගිය රජය සමයේ ජීවිත ආරක්ෂාව සඳහා නේපාලයට ගොස් සැඟවී සිටි ශාන්ත විජේසූරිය ඇතුළු මාධ්‍ය වේදීන් ශ්‍රී ලංකාවට පැමිණීමට දැන් සූදානමින් සිටියත් කත්මන්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඔවුන් බැහැර කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

සුදු වෑන් වලට බියෙන් දිවි බේරා ගැනීම සඳහා නේපාලයේ සැඟ වී සිටි එම පිරිස් ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොදෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.

නේපාලයේ භූමි කම්පාවෙන් දිවි බේරා ගත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අයිතියක් ඇතැයි ද ඔහු කීවේය.

ඔවුන් ශ්‍රී ලංකාවට එන ගුවන් යානයකට නැගීමට යද්දී නැවත හරවා ඇතැයි කත්මන්ඩු ආරංචි කියයි.