රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ ඩී.එම් සෙනවිරත්න මහතා ඊයේ (9) අභාවප්‍රාප්ත විය.
වමේ ව්‍යාපාරය තුළ ‘‘දෙයියා” නමින් කා අතරත් ප්‍රචලිතව සිටි ඒ මහතා ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ අධ්‍යපානය ලැබූ ඒ මහතා විද්‍යෝදය විශ්ව විච්‍යාලයට ඇතුළත් විය.
ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ නායකයෙකු ලෙස කටයුතු කළ මොහු පසුව විශ්වවිද්‍යලාය අතහැර නීති විද්‍යාලයට බැඳී නීතිඥයකු විය. සරත් මුත්තෙට්ටුවගම මහතා සමඟ රත්නපුර අධිකරණයෙන් වෘත්තිය ආරම්භ කළ අතර 1989 පිහිටවූ පළමු සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරයකුද විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ ඔහු වමේ දේශපාලනය අතහැර එජාපයට එකතු විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.


