උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනඥයින් මෙන්ම දෙමළ ජනතාවද ඒකීය රාජ්‍යයක බලය බෙදා හැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටින නමුත් වර්තමාන රජයෙන්ද එම අවශ්‍යතාවය ඉටුවන බවක් පෙනෙන්නට නැතැයි ඊ.පී.ආර්.එල්.එෆ් නායක දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
‘රජයත් වර්තමාන ජනාධිපතිවරයාත් උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් ඉතා ඉක්මනින් සිදු කරන බවට පොරොන්දු වුණා වගේම දෙමළ ජාතික සන්ධානයත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවත් වත්මන් රජයට පූර්ණ සහාය පළකරන ලද්දේ එම පොරොන්දු ඉටුවනු ඇතැයි යන අපේක්ෂාවෙන්. නමුත් රජයට වසර දෙකක් සම්පූර්ණ වෙද්දීත් එය ඉටු නොවීම නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් දැඩි විහිළුවකට ලක්වෙලා‘ යැයි ද ඔහු කීවේය.

