උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ පක්ෂ සමඟ එකඟතාවයකට එළැඹීමට රජය අපොහොසත් වී ඇතැයි ද ඒ නිසාම අපේ ජාතීන් අතර එක්සත් භාවය ඇති කැර ගැනීමට නොහැකි යැයි ද ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කොටස් සමඟ සමගිය,සංහිදියාව හා එක්සත් භාවය ඇති කැර ගැනීම තමන්ගේත් ජනපතිතුමාගෙත් අරමුණ බව ද ඔහු කීවේය.

