‘දූෂිතයන් අල්ලන්නේ රාජපක්ෂ ක්‍රමයට නොවේ‘


වත්මන් රජය දූෂිතයන් අල්ලන්නේ මහින්ද රාජපක්ෂ රජය පුද්ගලයන් අත්අඩංගුවට ගත් ආකාරයට නොවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

වකුගඩු ජාවාරම සම්බන්ධ වාර්තාව වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට යොමු කළ බව ද, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු ගැන ද එහි ඇතුළත්ව ඇති බව ද ඇමැති කීවේය.

ලංකාවේ ඖෂධ හිඟයක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

ඇවන්ගාඩ්, බොදුබල සේනා, ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම, ඖෂධ පනත, ඖෂධ අධිකාරිය ඇතුළු මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් ඇමැතිවරයා සමග කළ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...

(වීඩියෝ අශේන් සේනාරත්න, වීඩියෝ සැකසුම කෞෂල්‍ය සමින්ද)