‘දූෂණයේ බර එජාපය අනාගතයට බැර කරන්නේ නෑ‘


ඒකාධිපති රෙජීමයේ දූෂණයේ බර අනාගත පරපුරේ කරමත පැටවීමට ඉදිරියේදී ගොඩනගන එක්සත් ජාතික පක්ෂ පාලනය සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේසී පැවසීය.

ලෝකයේ තෙල් මිල අඩුවී රටේ ජලාශ පිරී ඉතිරී ගොස් තිබියදී ද අසීමිත සහ අසාධාරණ ලෙස නීතියට විරුද්ධව විදුලිය ගාස්තු වැඩි කරමින් ඒකාධිපති රෙජීමය තවත් ලෝක වාර්තාවක් තබා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

ජාතික සේවක සංගමයේ නව සභාපති ජෝන් අමරතුංග මහතා එම ධුරයේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී මේ රැස්වීම පැවැත්විණි.