‘දුමින්දට අපහාස කරනවා‘


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම ගැන නඩුවේ විරුද්ධ පාර්ශ්වය උසාවියට අපහාස වන කතා පතුරුවන බවත්, එමගින් දුමින්ද සිල්වා මහතාට ද අපහාස වන බවත්, ඔහුගේ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කියා සිටියේය.

මෝසමක් මගින් කරුණු දැක්වූ ඔහු දුමින්ද සිල්වා මහතා ද අධිකරණයට ඉදිරිපත් කළේය.

කලිසමකින් හා කමිසයකින් සැරසී දුමින්ද සිල්වා උසාවියට පැමිණ සිටියේය.

2011 ඔක්තෝබර 08 වැනිදා කොලොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය වූ සිද්ධියේ 11 වැනි සැකකරු දුමින්ද සිල්වායි.

තම සේවාදායකයාට නගන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වර්ණකුලසූරිය මහතා අධිකරණයට දැන්වීය.

නඩුව මැයි 08ට කල් තැබිණි.