රටේ වැඩකරන ජනතාව විරෝධතා දක්වන්නේ අලුත් අයිතිවාසිකම් දිනා ගැනීමට නොව තිබූ වරප්‍රසාද කප්පාදු කිරීම වළක්වා ගැනීමට බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා බොරැල්ලේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුව මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන ජනතාවට ලැබිය යුතු සහන කප්පාදු කර එම සහන ඉහළ පැලැන්තියට ලබාදී ඇතැයි ද නානායක්කාර මහතා කීය.
ජනතාවට තිත්ත බෙහෙත් බොන්න යැයි කී ආණ්ඩුව ධනපතියන්ට පැණි හකුරු දීමෙන් ආණ්ඩුවට තිත්ත බෙහෙත් බීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බවත් ඒ මහතා කීවේය.


