පසුගිය කාලයේ බැංකු , මුදල් , අරමුදල් , කුඩා කංඩායම් සමෘද්ධි සමිති , බැංකු සමිති ඔස්සේ දුප්පතුන් සඳහා මූලික ප්‍රාග්ධනය සපයා දුප්පත්කම තුරන් කිරීම සදහා ක්‍රියාත්මක නොවුයේ බැසිල් රාඡපක්ෂ හා වටේ සිටි නිලධාරින්ට ඒ සම්බන්ධව ඉගෙන ගැනීමටවත් උනන්දුවක් නොවූ නිසා බව සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අද (29) මහනුවරදි පැවැසීය.
‘නාමල්, යෝෂිත, මහින්දානන්ද ආදීන් අත් අඩංගුවට ගත්තාම නිකං අඬ අඬා කෙඳිරි ගාන්නෙ නැතුව අනම් මනම් නොකියා අනේ මුන් මාව අත් අඩංගුවට ගත්තා කොච්චර බලු වැඩක්ද මුන් කරන්නෙ මුන් මගෙන් පළිගන්නවා මේ සල්ලි මම හම්බ කළේ දහඩිය දුක් මහන්සියෙන් නැත්තම් මගේ අම්මගෙන් තාත්තගෙන් බිරිඳගෙන් කියන්නෙ නැතුව වෙන වෙන කතා කියනව ඒවා අහන්න මිනිස්සුන්ට කුර සහ අං තියෙන්න ඕනෑ‘ යැයිද ඇමැතිවරයා කීවේය.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශය හා සමාජ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික සහයෝගීතා එකමුතුව සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී එසේ කී ඇමැතිවරයා ගිය රජය කාලයේ සමහර තැන් වල අරමුදල් ශක්තිමත්ව තිබුණත් දුප්පත් ජනතාවට ඇප කරුවන් නොමැතිව මුදල් ලබා දි සංවර්ධනය සඳහා යොමු කරවීමට නොහැකි වුයේ බැසිල් රාජපක්ෂ යුගයේ බවත් ඒ නිසා ගම්මාන වල ගිනි පොලිකරුවන් බිහි වි ඔවුන් දෙන මුදල් වලට දුප්පත් ජනතාවට සියයට හැටකට වඩා පොලි ගෙවීමට සිදුවූ බව ද සදහන් කළේය.
එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා සඳහන් කළේ සමාජ සංවර්ධනය සමාඡ සුභ සාධනය සහ දුගී බව තුරන් කිරිම පිලිබද ජාත්‍යන්තර සමුළුව රටවල් 23 ක ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයන් විද්‍යාඥයන් සහභාගිවන බවත් එයින් සෞඛ්‍ය කේෂත්‍රයේ හා අධ්‍යාපන කේෂත්‍රයේ විශේෂ ඵලදායීතාවයක් පෙන්නුම් කළද දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්ක දෙස බැලු පසු සැහිමකට පත් වීමට නොහැකි බවත් මෙවැනි ජාත්‍යන්තර සම්මේලන පවත්වා එයින් ලබාගන්නා ප්‍රගතියෙන් දරිද්‍රතාවය තුරන් කිරිම පිළිබඳ යහපත් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා මෙවැනි ජාත්‍යන්තර සම්මේලන මගින් විශාල සහායක් ලැබෙන බවයි.