‘දුප්පත් සිසුවා මුල්ලට දාලා’


පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩ නඟමින්,  අධ්‍යාපනයට වැය කරන මුදල්  කප්පාදු කරමින්,  රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට  සියලු සිසුන්  ජාති ආගම් බේද ඉවත දමා එකමුතු විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා ජාතික ශිෂ්‍ය වීර දින සමරු දේශනය පවත්වමින් පැවසීය.

ලංකාවේ  දහදිය හෙළන මව්වරුන්ගේ දරුවන්ට හරි හැටි පාසලක්වත් නැතිව සිටියදී වෙල්ගම ,ලක්ෂ්මන් යාප ,බර්ටි දිසානායක ,ජයරත්න හේරත් ,ජනක බණ්ඩාර,මර්වින් විජේමුණි,අගමැති , ජනාධිපති ආදීන්ගේ දරුවන් පිටරට අධ්‍යාපනය ලබා ඇතැයි ද ඔවුන් ඡන්දය ඉල්ලීමට ලංකාවට එතියිද ඔහු කියයි.

නිද්‍රාශිලී සමාජය  අවධිකළ යුත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් බවද ඔහු කීවේය.