‘දියුණුව කියලා තරගයකට පැටලිලා‘


‘මම රට ලෝකය ගැන වැඩිය දන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ කැලයේ. හැබැයි මට පේනවා දියුණුව කියලා තරගයකට පැටලිලා අපේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු ලෝකයේම මිනිස්සු. ඒ තරගයත් සමග ගමන් කරද්දී බොහොමයක් ඇත්තන්ට තමගේ අම්මා, තාත්තා, ජාතිය, ආගම, භාෂාව, නෑදෑයෝ, සිරිත් විරිත් මේ හැමදෙයක්ම අමතක වී ගිය බවක් මට දැනෙනවා‘ යැයි ආදිවාසී නායක වන්නිල ඇත්තෝ පැවසීය.

ඒ අද (7) කොළඹ ශ්‍රී සම්බෝධි දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

උත්සවය කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘මට සෑම දිනකට දැනගන්නට ලැබෙනවා මිනීමැරුම්, දූෂණ, වංචා, හොරකම්, මංකොල්ලකෑම් වැනි සිදුවීම්. මිනිස්සු, රට දියුණු වෙලා කිව්වට දියුණු නම් මේ වගේ දේවල් සිදුවන්නේ කොහොමද කියලා මට ලොකු ගැටළුවක් තිබෙනවා‘ යැයිද වන්නිල ඇත්තෝ කීවේය.             

wannila_20163739 wannila_20163739-2 wannila_20163739-3

wannila_20163739-4 wannila_20163739-5 wannila_20163739-6 wannila_20163739-7