විනයගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා හමුදාව කුමන්ත‍්‍රණයකට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශය හමුදාවට කළ අගෞරවයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
සටන්පාඨ නොමැති විට රටේ අස්ථාවරබව ඇතිකර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන එවැනි ප‍්‍රකාශවලට ඉඩ නොදිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.


