‘දින 100 පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා‘


දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීය. පිිරිහි ගිය දේශපාලන සංස්කෘතිය දුරැර, අල්ලස, දූෂණය හා දුප්පත්කම පිටු දැක සදාචාර සම්පන් සමාජයක් ගොඩනැගීමට ඩී.එස්.සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක දර්ශනය පදනම් වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතිය ඇමැතූ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. තමාට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට ස්තුති කරන බවත් රටේ සියලු ජනතාවගේ අනාගතය බාර ගන්නා බවත් දින සියයේ වැඩ පිළිවෙළ යටතේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික පරිවර්තනයක් සඳහා නිසි පියවර ගන්නා බවත් යළි ජනපතිවරණයකට තමා ඉදිරිපත් නොවන බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය. නීතිය ප්‍රජාතන්ත්‍රවාදය යළි සුරක්ෂිත කර හෙට උපදින දරුවන්ගේ වගකීම ද බාර ගන්නා බව කී සිරිසේන මහතා ඡන්ද සමයේදී තමාට හා තම ආධාරකරුවනට නොයෙකුත් තාඩන පීඩන හිරි හැර ගැහැට හා තර්ජන එල්ල කළ සැමදෙනා වෙත නහේවේරේන වේරාණි යන උතුම් ධර්ම පදය අනුව ක්‍රියාකරන බවත් කීවේය.