‘දින 100 අවසන් : මැතිසබේ විසුරුවනු‘ - දිනේෂ් කියයි


දින 100 සම්පූර්ණ නිසා ජනාධිපති හා අගමැති ජනපතිවරණ සමයේ කිවු ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

අප්‍රේල් 27 හා 28 දිනට නියමිත 19 වැනි සංශෝධනය සම්බන්ධ විවාදයේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනි වෙනත් සංශෝධන ඇතුළත් කොට තිබුණොත් ඒවාට විරුද්ධ වන බවද ඔහු පැවසීය.

_DSC0461