අම්පාර ගලපිටගල ගෝණගල ගම්මානය අවට සැරිසරන වල් අලින් ඇල්ලීම සඳහා පසුගිය ඉරිදා අලි මෙහෙයුමක් ආරම්භ කළේය.
මෙහෙයුමට සිවිල් ආරක්ෂක භටයෝ 150 දෙනෙක් ද, යුද හමුදා භටයෝ 75 දෙනෙක්ද, වනජීවී නිලධාරීහු 40 දෙනෙක් ද, අලි ඇල්ලීමට විශේෂ පුහුණුව ලැබූ 21 දෙනෙක්ද එක් වූහ.
මේ කණ්ඩායම විසින් ස්ථාන 40කදී නිරීක්ෂණය කරමින් දරුණුම වල් අලියා හඳුනාගෙන ඇතත් මේ වන තුරු නිර්වින්දනය කිරීමට පශු වෛද්‍යවරයකු නොපැමිණීම නිසා අලි මෙහෙයුම සඳහා ගිය පිරිස දැඩි අපහසුතාවට පත්ව සිටිති.