‘දැරියගේ කොණ්ඩෙත් කපයි : කිරිබත් කන්න දෙයි‘


වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් බව එහි නිමල් ජයසූරිය නම් ගැමියෙක් කියයි.

දරුවාගේ කොණ්ඩය කපා අද කිරිබත් ද කන්නට දී ඇතැයි ද, දරුවා ලෑලි ගොඩක් අස්සේ සිටි බවත් ඔහු කියයි.

දරුවා පැහැර ගත් බව කියන දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

කුවේනි ගල අසළ නිධන් ඇතැයි බොහෝ දෙනෙක් පවසති. විජය කුමාරායා කුවේනිය හා දරු  දෙදෙනා පලවා හැරීමෙන් පසුව කුවේනිය හඩමින් දෙස් දෙවොල් තබමින් කුරුණෑගලට පැමිණි බවත්, ගලක් මුදුනට නැඟ විජය කුමාරයාට ශාප කළ බවත් එය කුවේනී ගල ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එම කුවේනී ගල පිහිටුවේ ඉබ්බාගමුවේ බව ද කියති.

‘අද සවස 3.00 පමණ අසල්වාසී මල්ලි කෙනෙක් කීවා ගඩොල් පෝරණුව ළඟ ගාව පුංචි දරුවෙක් ඉන්වා. මම ඉක්මණට දුවෙගෙන ගියා ගඩෝල් පෝරණය ළඟට. එතන ලස්සන පොඩි ගෑණු දරුවෙක් හිටියා. මට එක පාරට හිතුණා නැතිවු පුංචි දරැවා එයා තමයි කියලා. මම ඒ පුංචි දරුවා වඩාගෙන ගෙදර එක්කගෙන ආවා.  ළමයා ටිකක් බය වෙලයි හිටියේ. මම ඇහුවා කොහේ ද පුතේ ඔයා හිටියෙ කියලා.  තව විස්තර මම දරුවාගෙන් ඇසුවා.  ‘කවුද මාම කෙනේ අද උදේ කිරිබත් කන්න දුන්නා‘ කීවා.  ‘අද මගේ කොන්ඩෙත් කැපුවා‘ කීවා. 

කොහේද ඔයා හිටියේ කියලා ඇසුවාම ඒ අසල අප්පුහාමිගෙ නිවස දෙසට අත දිගුකලා.  මම වැල්ල පොලිසිය කතා කර ඒ විස්තරය කීවා.    

කුඹක්ගැටේ කුවේණි ගල පෙනෙන තෙක්මානයේ නිවසෙක මෙම දරැවා දින කිහිපයක් රඳවාගෙන සිට ඇති අතර මෙම නිවාස නිතර දෙවෙල් නාඳුනන පිරිස් යන එන බවට අසල්වාසී පිරිස් කියවා.‘

එම දරුවා  එම නිවසේ  ඉදිරිපස කාමරයේ පරණ ලෑලිගොඩක් යට දැමූ රෙදි කැබල්ලක උඩ සිටි බව ඔහු කියයි.

‘අසල්වාසීන් පවසන්නේ නිතර දෙවේලේ මෙම නිවසට නාඳුනන පිරිස් යන එන බවයි. ‘

9_12_2014-5_42-AM_0001 9_12_2014-5_59-AM_0001 9_12_2014-6_01-AM_0001

(දරුවා සොයා ගත් නිමල් ජයසූරිය)

pic--1

DSC02642 DSC02645 DSC02647

pic-5 pic-6 pic--7


 

මිහිහෙක් දරුවා දමා කැළයට පනී?

ගැමියෝ කැළය වට කරති

2014 සැප්තැම්බර් මස 12 16:52:45

වැල්ලවින් පැහැර ගත් දරුවා ඉබ්බාගමුවේ කුඹුක්ගැටේ කඩපොළ ළඟ දමා අසල පිහිටි ගල්වළ කැළයට පැනගත් බව කියන මිනිසකු සොයා ගැමියෝ එම කැළය වට කර සිටිති.

පොලිස් කණ්ඩායම් ද එහි පැමිණීමට නියමිතය.

 


වැල්ලව දැරිය සොයා ගනී

ඉබ්බාගමුව කඩයක් ළඟ දමා ගිහින්

2014 සැප්තැම්බර් මස 12 16:52:45

දින හතරකට පෙර වැල්ලවින් අතුරුදන් වූ කේෂාණි බණ්ඩාර දැරිය ඉබ්බාගමුව කුඹුක්ගැටේ කඩය අසල දමා ගොස් සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි.

දැරිය හොඳ සනීපෙන් සිටින බව ප්‍රදේශවාසීහු කියති.

පොලිස් විශේෂ කාර්ය බළකාය මඩගල්ල අවට කැළයක් වටලා අද විශේෂ මෙහෙයුමක් කරද්දී දැරිය සොයා ගත හැකි වූ බව වාර්තා විය.