සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි 402ක් 2015 වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික ඇමැති එස්.බී.නාවින්න මහතා අද පාර්ලිමේන්තුවේදී කීවේය. ඔවුන් විවිධ ආගම් ප්‍රචාරය, රැකියා හා ව්‍යාපාරවල නිරතවීම හා සමාජ විරෝධී කටයුතුවල නිරතවී ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම පසුගිය මාසයේ ද්විත්ව පුරවැසි භාවය 2400කට ලබාදුන් බවත් තවත් 2000කට මේ මාසයේදී එය හිමිවන බවත් කී ඇමැතිවරයා ලබන වසර සඳහා ඉල්ලීම් කළ සැමට ද්විත්ව පුරවැසි භාවය ලබාදෙන බවද පැවසීය.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නාවින්න මහතා මේ බව සඳහන් කළේය.

