මධ්‍යම පළාතේ සිදුවන ළමා හිංසන සහ අපචාර පිළිබඳව ඕනෑම අවස්ථාවක තමා දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය අද (12) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය.
‘දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අප ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. දෙමව්පියන් මීට වඩා තම දරුවන් කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද මුළු ලොවම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. ජනපති, අගමැති ප්‍රමුඛ රජය ළමයින්ගේ සුරක්ෂිතභාවය හා හෙට දවස වෙනුවෙන් ඉතාමත්ම ඕනෑකමින් ක්‍රියා කරනවා. එම උපදෙස් අනුව මා මධ්‍යම පළාතේ ළමයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කැපවන බවද ඇය කීවාය.