කොළඹ සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් දෙදෙනකු තුන්නිවුන් දරුවන් බිහි කළ බව රෝහල් ආරංචි කියයි.
එක් කාන්තාවක පුතුන් තිදෙනකුම බිහි කළාය.
මේ මව්වරුන් දෙදෙනා මිනුවන්ගොඩ හා මොරටුව අය වෙති.
මිනුවන්ගොඩ හීනටියේ සහ මොරටුව ලක්ෂපතියේ මව්වරු දෙදෙනෙක් සිසේරියන් සැත්කමකින් ලැබුණු තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු හැර සෙසු දරුවෝ සාමාන්‍ය තත්ත්වයෙන් පසුවෙති.
මොරටුව ලක්ෂපතියේ ජී එම් එම් එම් දිසානායක මහත්මියගේ දියණියක (ග්‍රෑම් 960) ඉන්කියුබේටරයේ තබා ඇත.
මිනුවන්ගොඩ කේ නාලිකා කුමාරසිංහ (27) මහත්මිය පසුගිය මැයි හය වැනිදා පුතුන් තිදෙනකු බිහිකළාය.
දරුවන්ගේ පියා යුද හමුදා විශේෂ කාර්ය බලකායේ මාණ්ඩලික සැරයන් ආර් එම් සී රාජකාරුණාය. ඔහුගේ දුරකතන අංකය 077 36 35 286
මොරටුවේ මව දියණියන් දෙදෙනකු සහ පුතකු බිහි කළේ අප්‍රේල් 17 වැනිදාය.
මෙතෙක් දැඩිසත්කාර ඒකකයේ සිටි ඔවුන්ගෙන් දෙදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවකට ගෙන එනු ලැබූහ.
මේ දරුවන්ගේ පියා චමින්ද ප්‍රදීප් ප්‍රණාන්දු මොරටුවේ ලීබඩු වෙළෙඳ සලක අත්උදව්කරුවෙකි. දිනකට උපයන ආදායම රුපියල් 600කි. ඔහු අද දරුවන් බැලීමට රෝහලට ගියේ නැත. ‘‘දරුවන් බලන්න හරි ආසයි. ඒත් රෝහලට ගියානම් පඩිය ලැබෙන්නේ නෑ. එවිට අපි කවුරුත් බඩගින්නේ‘‘
ඔහුගේ දුරකතන අංකය 071 88 67 548
ලිපිනය 16/18 ජී, ජුබිලි පාර, ලක්ෂපතිය, මොරටුව.
(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)