‘දඹුලු පූජා භූමි සංවර්ධනය රජයේ වැඩක්‘


දඹුල්ලේ පූජු භූමි සංවර්ධන යෝජනාව පංසලේ වැඩක් නොව රජයේ යෝජනාවක් බව ඉනාමළුවේ සුමංගල සියම් නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හිමියේ උයන්වත්ත රජ මහතා විහාරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද පැවසූහ.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙද්දී ප්‍රදේශයේ දේශපාලනඥයකු ඊට අවහිර කරතියි මහනාමිහියෝ චෝදනා කළහ.

1982දී ඇරැඹි පූජා භූමි වැඩ පිළිවෙල අතරමග නතර වූ බවත්, එය වසරකින් නිම කරන ලෙස ජනපති නාගරික සංවර්ධන අමාත්‍යංශයට හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට නියෝග කර ඇති බවත් කී ඒ හිමියෝ ඇතැම් පිරිස් එම වැඩ පිළිවෙළට එරෙහිව බත් පැකට්ටුවට හා අරක්කු බෝතලයට යටවී උද්ඝෝෂණ කරතියි ද පැවසූහ.