‘මම තවමත් දන්නේ නෑ අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලා. ඒ සඳහා අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
‘එවැනි ක්‍රමවේදයක් අපට තිබුණොත් පාසල් ළමුන්ට නිල ඇඳුම්, පාසල් පොත් වැනි නිර්නායක සෑදීමේදි ඒ වැඩපිළිවෙළවල් හරියටම ක්‍රියාත්මක කරගන්න පහසු වෙතැයි‘ අධ්‍යාපන ඇමැතිවරයා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ 2015 විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවයට අද (15) එක්වෙමින් කීවේය.




