නවගත්තේමදි දණගස්සවා හිංසා කළ ගුරුවරියට වන්දි ගෙවිය යුතු බවත්, පළාත් සභා වල අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීධුර අහෝසි කළ යුතු බවත්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයකදි පැවසීය.වැසි මැද්දේ මේ උද්ඝෝෂණය පැවැත්විණි.
නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ විනය කටයුතු භාර සුසිලා ප්‍රියංගනි හේරත් ගුරුවරිය වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්වන ලදැයි කියන සිද්ධියට විරුද්ධව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.