‘දකුණු කොරියා ලාංකිකයනට ආරක්ෂාව දෙනවා‘


උතුරු කොරියාව, දකුණු කොරියාවට හා ජපානයට පහරදීමේ තර්ජනය ඇති බවත් මිසයිල නැගෙනහිර වෙරළේ ස්ථාන ගත කර අවසන් බවත් යුරෝපා මාධ්‍ය අද උදෑසන වාර්තා කළේය.

ඒත් සමගම උතුරු කොරියාව කියා සිටියේ දකුණු කොරියාවට පහර දෙන බවයි.

මෙය හුදු වගාඩම්බර කතාවක් විය හැකියැයි නිරීක්ෂකයෝ කියති.

ශ්‍රී ලාංකිකයෝ විසිපන් දහසකට අධික පිරිසක් මේ වනවිට දකුණු කොරියාවේ රැකියා කරති. යුදමය වාතාවරණයක් ඇතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප විදේශ ලේකම්ගෙන් විමසීමක් කළෙමු.

විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒ පිළිබඳව ක්‍රියා කරනු ඇති බවත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතුවුවහොත් ජනාධිපති හා විදේශ ඇමැති උපදෙස් පිට තම අමාත්‍යංශය විදේශ සේවා කාර්යංශයට උපරිම සහයෝගය ලබා දෙන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.

දකුණු කොරියාවේ සේවයේ නියතු  සියලු දෙනාගේ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති බව ඔහු කියයි.

මුල් රැකියා ස්ථානයන්ගෙන් පැන ගොස් නීති විරෝදීව එරට තුළ විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සේවය කරති. ඔවුන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නොමැති බව එරට ශ්‍රී ලාංකියෝ පිරිසක් පැවසූහ.