‘ද එයර්ස්’ ටෙලිනාට්‍යයේ ලී මින්-පාක් ෂිං අතර පෙම් දමක්


01_zps2b64d7a1  

 

බෝයිස්  ඕවර් ෆ්ලවර්ස් ඉවරයි. ඒත් තවත් ඒ වගේම ටෙලිනාට්‍යයක් දැන් ටී.වී. දෙරණින් විකාශය වෙනවා.
ද එයර්ස් ඒ ටෙලිනාට්‍යයේ නම.

දඟකාර යෞවනයේ කතාවක් වන මේ ටෙලිනාට්‍යය කොරියාවෙ, ජපානෙ වගේ රටවල් ගණනාවක අතිශයින් ජනප‍්‍රිය වුණා. ලී මින් හෝ සහ පාර්ක් ෂින් හයි මේ නාට්‍යයේ ප‍්‍රධාන චරිත යුගලයට පණ දෙනවා.

 

park-shin-hye-and-lee-min-ho

heirs_bts

ලී මින් හෝ කියන්නෙ ඔබට අමුත්තෙක් නෙමෙයි. බෝයිස්  ඕවර් ෆ්ලවර්ස් ටෙලිනාට්‍යයේ ගුන් ජින් පියෝ විදිහට රඟපෑවේ ඔහුයි.


හැබැයි පාර්ක් ෂින් හයි නම් අපිට එච්චර හුරු නැහැ. මොකද ඇය රඟපෑ යූ ආ බියුටිෆුල්, හාර්ට්ස්ටි‍්‍රන්ග්, ෆ්ලවර් බෝයිස් නෙක්සස් ඩෝ සහ පීනෝකියෝ කියන ටෙලිනාට්‍ය තාම සිංහලෙන් හඬ කැවිලා නැති නිසා. ඒ කොහොමවුණත් එයර්ස් ටෙලිනාට්‍යයේ ලී ගෙයි පැක්ගෙයි රංගනය හුඟාක් කතාබහට ලක්වුණු රංගනයක්. ඒකට හේතුව තමයි මේ දෙන්නගෙ අපූරු හාද්ද.


මේ නළු නිළි යුවල පළමු වතාවට මුණ ගැහිලා තිබෙන්නෙත් එයර්ස් දර්ශන තලයෙදි. ඒ ගැන ලී මින් හෝ කතාකරන්නෙ මේ විදිහට.


‘‘පාක් ෂිං හයි මට මුණගැහුණෙ පළමුවෙනි වතාවට 2013 සැප්තැම්බර් 7 දා. හැබැයි ඇය දැකපු පළවෙනි වතාවෙම මගෙ හිතේ ඇය ගැන පැහැදීමක් ඇතිවුණා. ඒකට හේතුව ඇය මට වඩා වයසින් අඩු නිලියක් වීම වෙන්න ඇති. ඊට කලින් මම රඟපාලා තිබුණෙ මගෙ වයසට වඩා වයසින් වැඩි නිලියන් සමගයි. බෝයිස්  ඕවර් ෆ්ලවර්ස් ටෙලිනාට්‍යයේ මා එක්ක රඟපෑවේ මට වඩා අවුරුදු තුනකින් වැඩිමහලූ නිළියක්.


කොහොම හරි පාක් දැකපු ගමන්ම මගෙ හිතේ සුන්දර සිතිවිලි අවදිවුණා. අපි දෙන්නා ගොඩාක් සමීප වුණා. සෙට් එකේදී අපි දෙන්න තරම් සමීපවුණූ දෙන්නෙක් හිටියෙ නැතිතරම්. අපි පුදුම විදිහට සතුටු වුණා. හැබැයි රඟපාද්දි අපි දෙන්නම වහාම අදාළ චරිතයට සමවැදුණා.


පාක් කියන්නෙ මට වැඩියෙන් ජ්‍යෙෂ්ඨයෙක්. නමුත් ඇය උඩඟු නොවී මගෙත්තෙක්ක සුහදව රංගනයට එකතුවුණා. අර මතබේදයට ලක්වුණු හාද්ද පවා මට සාර්ථකව දෙන්න පුළුවන් වුණේ ඇගේ ඒ නිහතමානීකම සහ ලෙංගතුකම නිසාමයි.’’


ඔය හාද්ද ගැන පාක් ෂිං හයි පවා කතාකරලා තිබුණා. ඇය නම් ඒ හාදුව ලැබෙද්දී පුදුමාකාර විදිහට සසල වුණාලූ.
‘‘ඒ මුළු කාලය පුරාම මං හිටියෙ ලීගෙ කමිසය තද කරල අල්ලගෙන. ඇත්තටම ඒ මොහොත මට නම් හිතාගන්නත් බැරිතරම්.’’
පාක් ඒ ගැන කියන්නෙ එහෙම.


පාක් උපන්නෙ 1990 පෙබරවාරි 18 වෙනිදා දකුණු කොරියාවේ පේවන් ගියු පළාතෙදි. මුලින්ම ගායිකාවක් විදියට ෆ්ලවර් කියන මියුසික් වීඩියෝවට එකතු වුණු ඇය ඊට පස්සෙ ගායනය, නර්තනය හා රංගනය යන ක්‍ෂේත‍්‍ර තුන ගැනම හැදෑරීමක් කළා. චන්ග් ඇන්ග් සරසවියෙන් වේදිකා නාට්‍යය හා චිත‍්‍රපට රංගනය ගැන උපාධියක් ගත්තු ඇය හා හා පුරා කියල රඟපෑවෙ ස්ටෙයාවේ ටු හෙවන් කියන ටෙලි නාට්‍යටයේ. ඊට පස්සෙ ටි‍්‍ර ඔෆ් හෙවන් නාට්‍ය මාලාවෙ රඟපෑවා. ඇය පේ‍්‍රක්‍ෂකයන්  අතර ආදරණීය චරිතයක් වුණා.


ඇය ගායනා කළ ලව්ලි ඬේ හා විතවුට් වර්ඞ්ස් කියන ගීත දෙකක් මේ වනවිට අතිශයින්ම ජනප‍්‍රිය වෙලා ඉවරයි.
ලී මින් හෝ උපන්නෙ 1987 ජුනි 22 වැනිදා සියොල් අගනුවරදී. සිනමාව ගැන උපාධියකුත් ලබාගත්තු මේ තරුණයා ඉගෙන ගත්තෙ කොන්කුක් සරසවියෙදී.


නිරූපකයෙක් විදියට ක්‍ෂේත‍්‍රයට ආපු ඔහු ගායකයෙක් වගේම නළුවෙක් බවටත් පත් වුණා. බෝයිස්  ඕවර්ෆ්ලවර්ස් සිටි හන්ටර්ස් පෙන්, කියන නාට්‍ය නිසා ජනප‍්‍රියත්වයට පත්වුණු ලී මුලින් සිතාගෙන සිටියෙ ක‍්‍රිස්ටිනෝ රොනාල්ඩෝ වගේ පාපන්දු ක‍්‍රීඩකයෙක් වෙන්නයි. ඒත් පිටියේදී සිදුවුණු තුවාලයක් ඔහුගේ මාර්ගය වෙනස් කළා.


ඒ තුවාලය සිදුවුණේ වාසනාවකට කියලයි අද නම් ලී විශ්වාස කරන්නෙ.


තවත් අපූරු වැඩක් වුණා. එයර්ස් ටෙලිනාට්‍යයෙන් රංගනයට පස්සෙ  ලී ගෙයි, පාර්ක් ගෙයි, අතර ඇත්තම ඇත්ත පේ‍්‍රමකතාවක් තියෙන බවට කටකතා ගියා. ලංකාවේදී වගේම සමහර වෙබ් අඩවි වලත් ඔය කතාව ගිහිල්ල තිබුණ. මේ පෙම්වතුන්ගෙ චරිතය ඒ තරමටම තාත්වික වෙලා තිබීම මේ කටකතාව පැතිරයන්න හේතුවක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් දෙන්නට දෙන්න ආදරේ බව නම් ක්‍ෂේත‍්‍රයම දන්න දෙයක්.


m