අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරනවාට විපක්ෂය අකමැති බවයි.
කරුජයසූරිය මහතා විපක්ෂයේ සිටිය දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම පනත ගෙන ගෙන ආ විට ගිය රජය එය ප්‍රතික්ෂේප කළ බව ද අගමැති කීවේය.
විපක්ෂය අකමැති නම් තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය සූදානම් බව ද අගමැති කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පනතේ පිටපතක් මන්ත්‍රීවරුනට ලබා දිය හැකි බව ද අගමැති කීවේය.

