ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවක පිරිසට සුදුසු රැකියා ලබාදීමට බොහෝ දේ කළ යුතුව ඇතැයිද ඔවුන් ශක්තිමත් කළ යුතු යැයිද එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වෙනත් රටවල සිටින එවැනි අයට ඉඩ නොතැබිය යුතු යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් පසුගියදා දක්වන ලද අදහස්වලට අනුව ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා ඇත.

