‘තෙළිඟු නමින් අමතන්න‘


රිලවු හා නයින් නටවමින් අත බලා සාත්තර කියන තෙළිගු ජනතාව සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුතාඩි ,අහිකුණ්ටික යන වචන වලින් තම වර්ගයා හදුන්වා නොදෙන ලෙසයි. තෙළිගු ජාතිය නමින් ආමන්ත්‍රණය කරන ලෙස ඔවුහු ඉල්ලති.

මෙම ජනතාව ජිවත්වන ලංකාවේ කලාවැව විජිතපුර කොමාරිකා ගල යායේ 300ක් පමණ ජනතාවක් ජිවත් වෙති. ඔවුන් සංවිධාන ගතවී රැහේ නායකයෙක් පත් කරගෙන ඔවුන්ට ආවේනික වූ සංස්කෘති ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සිටිති.

ඔවුහු ගමේ ප්‍රජා ශාලා ක්‍රීඩා පිටි තනාගෙන පාරවල් සුද්ධ පවිත්‍ර කිරීම් කරති ඔවුන්ට ආවේනික වූ රැකියාව සිදු කිරීමද ජනතාවට වඩාත් සමීප ව සාධාරණව සිදු කිරීමට නීතිද පනවා ගෙන ඇත .තෙළිගු ජනතාවගේ නායකයා ලෙස පත්කරගෙන ඇත්තේ කේ .ආර්. අනවත්තු මහතාය. ගමේ සභාපති වරයා එම් .අජිත් ය. උපදේශක වරයා එස් .එරන්නා ය.

තෙළිගු ජාතික පිරිස අතීතයේ උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිසකගෙන් පැවත එන්නකි .

2 DSC02614 DSC02668 DSC02679 DSC02713 DSC02720