ඛනිජ තෙල් සංස්ථාව කිසිදා පෞද්ගලීකරණය නොකරන බවත් එල්.පී.ගෑස් නිපදවීම හා කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනයට හැකියාව ඇත්දැයි සොයා බලන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවයක් සපිරූ සේවකයින්ට රන් තිළිණ ප්‍රදානයට එක්වෙමින් පැවසීය.
නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය.




