‘ ලෝක වෙළඳපොළේ ඛනිජතෙල් මිල පහළ බැස ඇති අවස්ථාවක, ක්ෂණික විසඳුමක් ලෙස ඉන්ධන වලින් රජය අය කරන රුපියල් කෝටි 400 කට අධික බදු ඉවත්කර එම සහනය ජනතාවට ලබාදෙන බවට ජනාධිපතිවරණයට පෙර අපි පොරොන්දුවක් දී තිබුණා. අපි දැන් රුපියල් කෝටි 6500 ක සහනයක් මෙම ඉන්ධන මිල අඩුකිරීමත් සමඟ මහජනතාවට දුන්නා.‘ යි විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේය.
මේ අනුව ආසන්න වශයෙන් ඛනිජ තෙල් සංස්ථාවට සහ මුදල් අමාත්‍යාංශයට ලැබිමට නියමිත රුපියල් කෝටි 6500ක් අහිමි වෙනවා. අපි බලාපෙරොත්තු වෙනවා මෙම සහනයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට වගේම බඩු මිලටත් සහනයක් උදා වෙයි කියලා.
මගේ මව්බිම, මම මගේ දරුවන්ට ආදරෙයි කියකියා හිටිය රාජපක්ෂ ආණ්ඩුවෙන් ගෙනගියේ මොනතරම් කෘර පාලනයක්ද කියලා දැන් තේරෙනවා. මේ ඔක්කෝම මුදල් ගියේ භයංකාර දූෂණයන්ට. දූෂිත ව්‍යාපාති වලට. මීට පෙර ආණ්ඩු බදු අය කලා. නමුත් ඒ පොහොසත් සමාගම් වලින්, එහෙමත් නැත්නම් සිගරට් අරක්කු වගේ අහිතකරයැයි හැඅඟෙන දේවල් වලින්. නමුත් රාජපක්ෂ ආණ්ඩුව බදු අය කළේ අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය වලින්. ඒකයි රාජපක්ෂ ආණ්ඩුවේ සුවිශේෂිත්වය.
අපි ඉදිරියේදී ඉන්ධන වලට විනිවිද මිල සූත්‍රයක් සකසනවා. ඒ වගේම ලබන ජූලි මස සිට විදුලිය සඳහාද නව මිල ක්‍රමයක් සකසනවා. මෙහිදී දුගී ජනතාව ගැන විශේෂ සහනයක් සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලයේ ඉන්ධනහල් හිමියන් ඉන්ධන මිලදී නොගෙන ඉඳලා, දැන් ඉන්ධන හිඟයක් මවාපානවා. ඒ වගේම අද සමහර ඉන්ධනහල් වලින් ඉන්ධන නොදෙන බවට වාර්තා වෙනවා. ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, මුදල් අමාත්‍යතුමන් ඇතුළු නව රජය මගින් ලබාදුන් මෙම සහනය, ජනතාවට ලබාදෙන ලෙස මම ඉන්ධනහල් හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.‘
අද ඇමෙරිකාවේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 47 (රුපියල් 6201.17) ක්ද බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 49 (6465.05) ක් ද විය.

