යුද ජයග්‍රහණයෙන් පසු තමන් පැතූ සුන්දර ලංකාව ගොඩ නඟනවා වෙනුවෙට රට දෙතුන් දෙනකුගේ ග්‍රහණයට ලක් වී ඇතැයි නැගෙන හිර පළාත් සභාවේ සභා නායක ප්‍රියන්ත පතිරණ මහතා අද (23) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති විශේෂ රැස්වීමක දී කීවේය.
‘ත්‍රස්ත වාදය පරාජය කරන්න අපි දිවි හිමියෙන් වැඩ කළා. මරණ වරෙන්තුව අතේ තියාගෙනයි එහෙම කළේ. යුද්ධය ජයග්‍රහණය කරන්න කරන්න පුළුවන් හැම උදව්වක්ම කළා.
අද මේ රට දෙතුන් දෙනකුගේ ග්‍රහණයට ලක් වෙලා.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය භාවිත කර මොනවද කළේ? කරපු එකම දේ තමයි ජනාධිපතිට තවපාරක් ඉල්ලන්න පුළුවන් විදියට 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීම.
මේ විදියට ගියොත් තවත් අවුරුදු දෙකක් ඇතුළත පමණ තරුණ කැරැල්ලක් ඇති වෙන්න පුළුවන්. තරුණයන් දැඩි පීඩනයකින් ඉන්නේ.
මේ රටේ නැවත කැරැල්ලක් ඇති නොවන්න නම් ජනවාරි අට වැනි දා මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවිය යුතුයි. ‘


