‘තුන් ජාතියම එකමුතුව ජීවත් වන්න ඕනෑ‘


ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල, දෙමළ හා මුස්ලිම් තුන් ජාතියම සමගියෙන් එකමුතුව ජීවත් විය යුතු බවත්, අලුත්ගම හා ධර්ගා නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය කනගාටුදායක බවත් දවුල්දෙණ ඤාණිස්සර අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියෝ කියති.

‘බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම ජාති, ආගම් බේදයෙන් තොරව සමගියෙන් එකමුතුව ජීවත් වූ රටක්. කිසියම් සිද්ධියක් වුණානම් සාකච්ඡාවෙන් ඒවා විසඳ ගත යුතුයි. ජීවිත හානි දේපොළ හානි සිදු කර ගත යුතු නොවේ.‘