පිල් විදහාගත් මොණරකු දැකිය හැකි වනුයේ කලාතුරකිනි. කතරගම දෙවියන්ගේ වාහනය සේ සැලකෙන මොණරා ආගමික වශයෙන් ද පුද සත්කාර ලබයි. වියලි කලාපයේ වාසය කළ මොණරා මෑතක සිට පහතරට තෙත් කලාපයටද පිවිසී සිටී. දේශගුණ විපර්යාසයත් සමග මොණරාගේ පැවැත්ම වෙනස් වී ඇතැයි පරිසර වේදීහු කියති.