තීරු බදු රහිත වාහන බලපත‍්‍රවලින් 2012 සිට මේ දක්වා ආනයනය කළ රථවාහන වලින් රුපියල් බිලියන 147.3ක බදු ආදායමක් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
2012 සිට පසුගිය අගෝස්තු මාසය දක්වා මෙරටට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 32,287කි. එම වාහන වලින් රජයට හිමි වී ඇත්තේ රුපියල් බිලියන 63.08ක ආදායමක් පමණක් බව ද එම අමාත්‍යාංශය කියයි.
2012 දී රථ වාහන 7482ක්, 2013 දී 11,622ක්, 2014 දී 6329ක් සහ මෙම වසරේ අගෝස්තු දක්වා වාහන 6854ක් ආනයනය කර ඇත.
2016 අයවැය මගින් මෙම බලපත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීමට යෝජනා කර ඇත.

