‘තිස්සමහාරාමේ එන්නේ මඩ වතුර‘


පවුල් 4000කට ජලය සැපයීමට ඉදිකළ තිස්සමහාරාම පානීය ජල ව්‍යාපෘතියේ මඩ වතුර එන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (29) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

නල දිගේ මඩ කුට්ටි පවා පැමිණෙන බැවින් ස්නානය කිරීමට පවා එම ජලය යොදාගත නොහැකි බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම පසුබිම තුළ රුපියල් මිලියන 381 ක් වැය කර ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද ප්‍රේමදාස මහතා කීවේය.

webSaji_20151029