‘තිස්ස නවතින්න‘


‘‘ශ්‍රී ලංකා රාජ්‍යය දිය කර හැරීමේ කුමන්ත‍්‍රණය පරාජය කරමු‘‘   මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ  සම්මන්ත්‍රණයක් පැවැත්විණි.

අවසාන දේශනයට සිදු කිරීමට නියමිතව සිටියේ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාය.

 හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණට  එම දේශනයට පෙර නැගිට පිටවී ගියේය.

ඔහු යද්දී ගුණදාස අමරසේකර මහතා මදක් නවතින්නැයි කීවද  මහාචාර්යවරයා ඔහුට අත වනා යන්නට ගියේය.

නව ව්‍යවස්ථාවක් සකසා ගැනීම යනු ජනවාරි අට වැනිදා කුමන්ත‍්‍රණයේ දෙවැනි කොටස යැයි ද, ජනවාරි අට වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම විදේශීය කුමන්ත‍්‍රණයක ප්‍රතිඵලයක් යැයි ද නොබියව පැවැසූ එකම පුද්ගලයා මහාචාර්ය තිස්ස විතාරණ මහතා බව   අමරසේකර මහතා සම්මන්ත‍්‍රණයේ අවසාන දේශනය ආරම්භ කරමින් පැවැසීය.

‘‘තිස්සට නවතින්නැයි කීවේ මට ඔහුට කෘතඥ වීමට අවශ්‍ය වුණා. ජනවාරි අට වැනිදා වුණේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බව නොබියව පැවැසූ පුද්ගලයා ඔහු පමණයි. ’’