ද්‍රවිඩ ජනයාගේ මුදුන්මල්කඩක් වැනි තිරුපති හින්දු දෙවොලේ ආශිර්වාද ලබාගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට එන විට ඔහුගේ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු වන හින්දු භක්තිකයන් දෙදෙනකු විපක්ෂයට පැමිණි බව ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹ හත විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවසීය.
‘ජනාධිපතිතුමා තිරුපති ගියා. ඒත් වැඩක් වෙලා නෑ. තිරුපති ගිහින් ලංකාවට එද්දි එතුමා ළඟ හිටපු දෙමළ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු අපේ පැත්තට ඇවිත්.
අපෙන් දෙන්නෙක් ඒ පැත්තට ගියා. එක් අයෙකුට එක ඡන්දයක්වත් නෑ. අනෙක් එක්කෙනාට මනාප ඡන්ද 22000යි. නමුත් මේ වෙනකොට සන්ධානෙන් මනාප ඡන්ද ලක්ෂ දහයක් පමණ ගත් මන්ත්‍රීවරුන් අපේ පැත්තට ඇවිත් ඉන්නවා.
මා ආණ්ඩුවට එකතු වෙන්න යන බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණා. එය සම්පූර්ණ අසත්‍යයක්.
ඌව සබාවේ බලයක් අපි ගන්නවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.‘

