තායිලන්තයේ දී සංචාරක බස් රථයක් පෙරළීමෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදෙස් සංචාරකයින් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බැංකොක් පෝස්ට් නිව්ස් ප්‍රවෘත්ති සේවය අද (29) වාර්තා කළේය .
තායිලන්තයේ පොත්‍රෑම් දිස්ත්‍රීක්කයේ නොන්ෆෝහි රචාබූරි ප්‍රදේශයේ අනතුර සිදුව ඇති බවත්, ඒ වන විට අදාළ බස් රථයේ තිස් හතර දෙනෙකු සිටි බවත් සඳහන්ය.
විදෙස් සංචාරකයින්ට ජීවිත හානි සිදුව නැතැයි වාර්තාවේ.
මාර්ගයේ වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිස් නිලධාරියෙක් බැංකොක් පෝස්ට් පුවත් සේවයට කියයි.
තුවාල ලැබූ තායි රියදුරු සහ සෙසු ශ්‍රී ලාංකික පිරිස පොත්‍රෑම් රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබන අතර ඩැමොයෙන් සාදුක් දිස්ත්‍රීක්කයේ පිහිටි ෆ්ලෝටින් වෙළඳ සංකීර්ණයට ගොස් ශ්‍රී ලාංකිකයින් සිය ගණනක් බස් රථ කිහිපයකින් ආපසු පැමිණෙමින් සිටියදී එක් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්න මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස තායිලන්තයේ බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දුන් බවය.


