‘තාත්තා මෛත්‍රී එක්ක : පුතා මහින්ද එක්ක‘


පෞද්ගලික අභිමතාර්ථ හා වෙනත් පක්ෂ සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් නිසා විවිධ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමට අවශ්‍ය වී ඇතැයි නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (7) පැවැසීය.

 එකම පවුලේ අය ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් නියෝජන කරන අතරම එම පවුලේම තවත් අය ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන බව ද ඔවුන් කිසිවකුටත් නිදහස් පක්ෂය පිළිබඳ හැඟීමක් නැතැයි ද ඔහු කීවේය. 

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  තරුණ පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.  

 “සමහරුන්ගේ තාත්තා ජනාධිපතිවරයා සමඟ ඉන්නවා. පුතා ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉන්නවා. ඒ පවුල්වලට ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය කැඩුණොත් අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මොනවාද වෙන්නේ වෙන්නේ ?“ යැයි හේ පැවසීය..