‘තාත්ත මට ගහපු ගැටේ දවාලේ තරු පෙනුනා‘


ගම්පහ දිස්ත්‍රික්කයේ ගමක ජීවත් වන ධනවත් වන කාන්තාවක (40) පැහැරගෙන ඇගේ දේපොළ ඇගේ සමීපතම නෑයකුගේ ද සහායෙන්   ලියවා ගැනීමට හමුදාවකට ද සම්බන්ධ බව කියන විශ්‍රාමිකයකුගේ සැලැස්මක් නිසා එම කාන්තාව සැඟවී සිටිතියි ඇයට සමීප ආරංචි කියයි.

ඇය මේ ගැන පොලිසියට පවා පැමිණිලි කර නැත්තේ එම පුද්ගලයාගේ බලවත්කම නිසා යැයි ද කියති.

දෙදරු මවක වන ඇගේ මව එතෙර සිටින බවත්,   කුඩා කළ සිටම පිය සෙනෙහස ඇයට අහිමි වී ඇති බවත් කියති.

ඇගේ අවිවාහක මාමා කෙනකුගෙන් ඇගේ නමට ලියා ඇති බව කියන අක්කර සියයක ඉඩමක් ද, සිංගප්පූරුවේ හා කැනඩාවේ හෝටල තුනක් ද ඇය සතු බව දැනගන්නට ඇත.