රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමීමෙන් පසුව ඔහුගේ කාරයට සිරුර දමා ගිනි තබා ඇතැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අවසන් වාර්තාව අධිකරණයට දැනුම් දී ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේ තාජුඩීන් රිය පදවා නැති බවත් ඔහුට පහරදී දුර්වල කිරීමෙන් පසු සිරුර වම් මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.





