‘ත්‍රීමලේ කඳවුරට වඩා හිරගෙදර හොඳයිලු‘


‘බලය නැතිවිට කරන ප්‍රකාශ බැලූවිට බලය තිබුණා නම් කෙසේ වේදැයි‘ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (2) සිරිකොත මාධ්‍ය හමුවකදී පැවසීය.

‘සිංහයකුගේ වලිගය පාගන්න එපා, සිංහයා අවදි කරගන්නත් එපා‘ යනුවෙන් රෝහිත රාජපක්ෂ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමැතිවරයා එසේ කීවේය.

යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ජනතාවගේ සල්ලි අයුතු ලෙස ප්‍රයෝජන ගැනීම පිළිබඳ පරීක්ෂණයට මිස කිසිවකුගෙන් පළිගැනීමට නොවන බවත් එය වත්මන් ආණ්ඩුවටත් එහි මැති ඇමැතිවරුන්ටත් තමන්ටත් හොඳ පාඩමක් බවද කීය.

මේ අතර ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට වඩා රිමාන්ඩ් බන්ධනාගාරය හොඳ යැයි යෝෂිත පැවසූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හාරිස්පත්තුවේ රැස්වීමකදී පැවසීය.

web_Harin_2016221279