‘ත්‍රිරෝද නීති ක්‍රියාත්මක වන දිනය කියන්න‘


ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා නිකුත් කළ අති විශේෂ ගැසට්පත්‍රය  මගින් ත්‍රීරෝද රථ සඳහා නිකුත් කර ඇති නියෝග මාලාව ක්‍රියාත්මක කරන දිනයක් සඳහන් කර නොමැති බැවින් එය ක්‍රියාත්මකවීම සැක සහිත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ නිසා එය ක්‍රියාත්මක වන දිනය වහා ප්‍රකාශයට පත්කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන්  ඉල්ලීමක් කරන බව ද එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම ගැසට් පත්‍රයේ සඳහන් නියෝග අනුව ත්‍රීරෝද රථවල ගමන් ගන්නා මගීන්ට ගමනාන්තයේදී රිසිට්පතක් නිකුත් කිරීම අනිවාර්ය කර ඇතත් දැනට වෙළඳ ‍පොලෙහි අලෙවිවන ටැක්සි මීටර් මගින් මගියාට රිසිට්පතක් නිකුත් කළ නොහැකි නිසා එවැනි ටැක්සි මිටර් අලෙවිය නවතා දැමීමට කටයුතු කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලීමක් කරති.