‘ත්‍රිකුණාමල සෝදිසි මෙහෙයුමෙන් මළ සිරුරු හමුවී නෑ‘


ත්‍රිකුණාමලය සාම්පූර් වෙරළේ සිට කිලෝ මීටර් 20ක් පමණ මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙන බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව ඩෝරා යාත්‍රා හතරක් හා ගුවන් හමුදාවට අයත් යානයක් යොදවා දින දෙකක් තිස්සේ සෝදිසි මෙහෙයුමක් කළද කිසිදු මළ සිරුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව නාවික හමුදාව කියයි.

සාම්පූර් සිට සැතපුම් 20ක් දුරින් මුහුදේ මළ සිරුරු පාවෙන බවට ධීවරයින් පොලිසියට කළ දැනුම් දීමක් අනුව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.