ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නිසා ඇතැමුන් ශ්‍රී ලංකාවට අකුල් හෙළන තත්ත්වයක් දැකගත හැකියැයි ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනපති මේ බව ප්‍රකාශ කළේ චීනයේ පැවැත්වෙන ආසියාවේ රටවල් අතර සම්බන්ධතා හා සහයෝගීතා ගොඩනඟාගැනීම සදහා වන සමුළුව අමතමිනි.
මෙම සමුළුවේ සාමාජික රටවල් 24 ක් සිටින අතර ආසියා කලාපයේ සාමය,ආරක්ෂාව හා ස්ථාවරභාවය ඇතිකිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසා බැලීම මෙහි අරමුණයි.
ත්‍රස්තවාදයෙන් වාසි ලබමින් සිටි ඇතැම් පාර්ශවයන්ගේ ඇහේ කටු අනින්නාක් වැනිව ඇති වූයේ රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීම බවත් ශ්‍රී ලංකාවට තවත් බාධක වලට මුහුණදීමට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ජනපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ලෝකයේම දැන් අවශ්‍යතාවය වී ඇත්තේ සාමය,ස්ථාවරත්වය හා රටක සෞභාග්‍යයට එල්ල වන තර්ජයන් මැඩපවත්වාගැනීම බව ජනපතිවරයා සදහන් කළේය.

