‘තහනම් කළ එන්ජීඕ අායෙත් ඇවිත්‘


‘රටෙන් බැහැර කළ රාජ්‍ය නොවන සංවිධන නැවත වතාවක් අද  අළු ගසා දාලා කරලියට පැමිණ තිබෙනවා‘ යැයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (27) කිරුළපන කාර්යාලයේ දී පැවසූහ.

‘නීතියෙන් තහනම් කරලා තිබුනත් තහංචි ඉවත දමලා වර්තමාන ආණ්ඩුව ළග නැළවෙන රාජ්‍ය නොවන සංවිධන රට පුරාම විශාල ව්‍යසනයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් තිබෙනවා. එහි ප්‍රතිපලයක් තමයි උතුරේ විග්නේශ්වරන්ගේ හැසිරීම හරහා හා ඇතැම් දෙමළ සංවිධන  හරහා නව ඉල්ලම් වාදයක් කරලියට එන්නේ. අපිට හිතා ගන්න බැරි විදියට විග්නේශ්වරන් මහ ඇමතිවරයා සිංහලයන් කෙරෙහි වෛරී ස්වභාවයකින් කටයතු කරනවා‘ යැයි ද ඒ හිමියෝ කීහ.

gnanasara-thero_simg