‘තව කීප දවසකින් යාපනයට යන්නත් බැරිවේවි‘


වර්තමාන ආණ්ඩුව නව ව්‍යස්ථාවකින් රට බෙදීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් ඒ සදහා ඉඩදිය නොහැකි බවත්  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. චමල් රාජපක්ෂ ගේ 74 වැනි ජන්මදිනය වෙනුවෙන් සුරියවැව දී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ  බව පැවසීය.

 “මේ රට රැකගන්න එක අපේ වගකීම හා යුතුකම.මේ ආණ්ඩුව ගෙන යන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබද ලොකු තර්ජනයක් ඇතිවෙනවා .ඒ නිසා ජාතික ආරක්ෂාව පිළිබද මේ ආණ්ඩුව සැලකිලිමත් වෙන්න ඕනෑ.ලියුමක් එවලා තියෙනවා පොලිස් නිලධාරීන් කිහිප දෙනකු  වහාම පොලිස් සේවයෙන් ඉවත් විය යුතුයි කියලා.එක එවලා තියෙන්නේ ප්‍රභාකරන් කියන බලකායක්.ජාතික ආරක්ෂාව අපි රැක දුන්නා. යාපනයට යන්න තියෙන පුළුවන්කම තව කි දවසක් තියේවිද කියලා මම දන්නේ නෑ “යැයි ඔහු පැවසීය.

1 2 3 4 5 6 7 10