මිනිසා දැන් කරන සියලුම කාර්යයන් තවත් වසර 30කින් කළ හැකි රොබෝවරුන් බිහිවණු ඇතැයිද එවිට කම්කරු සේවය යල් පැන ගිය දෙයක් වනු ඇතැයි ද ඇමරිකා විද්‍යාඥයෙක් කියයි.
මිනිසා දැන් කරන සියලුම කාර්යයන් කළ හැකි යන්ත්‍ර බිහිවන යුගයකට අප ළඟාවී සිටින්නේ යැයි ඇමරිකාවේ රයිස් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාඥ මෝර්ෂේ වාර්ඩි පවසයි.
‘මේ ප්‍රශ්නය අප ඉදිරියට එන්නට පෙර අප ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා.‘ මිනිසාට කළ හැකි දේ යන්ත්‍ර සූත්‍රවලට කළ හැකිනම් මිනිසාට කරන්නට ඇත්තේ මොනවාදැයි ඔහු ප්‍රශ්න කරයි.
කඩිසර රොබෝවන් හා සමාජයට ඔවුන්ගේ බලපෑම මැයෙන් වොෂිංටනයේ ඇමරිකා විද්‍යාභිවර්ධන සංගමය ඉදිරියේ ඔහු දේශනයක් කිරීමටද නියමිතය. ‘අප දියුණු කරන තාක්ෂණයෙන් අන්තිමේදී මිනිස් වර්ගයාට යහපතක් වේද?‘ යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
යන්ත්‍ර සූත්‍ර මගින් ලබාගන්නා බුද්ධිය වර්ධනය වන බව ඔහු කියයි. මිනිසා කරන සියලු වැඩ යන්ත්‍ර සූත්‍ර මගින් කරතොත් විනෝදාංශවලට නැඹුරුවීමට මිනිසාට ඉඩ තිබෙනවා. විනෝදාංශවලට යොමු වීමෙන්ම මිනිසාට යහපතක් වේ යැයි මා හිතන්නේ නෑ. සෞඛ්‍ය සම්පන්න මිනිසකු වීමට වැඩ කරන්න ඕනෑ. මිනිසා කරන කුදු මහත් වැඩ අභාවයට යන්නට පෙර මේ අභියෝගයට මුහුණ දීම සඳහා පෙළ ගැසෙන මෙන් මේ විද්‍යාඥයා සෙසු විද්‍යාඥයන්ගෙන් ඉල්ලයි.
ජපානයේ බොහෝ ආයතනයන්හි පිළිගැනීමේ නිලධාරිනියන් ලෙස රොබෝවරියෝ වැඩ කරති.






